Why this Blog ?


ඉරොටික් ආර්ට් කියන්නේ මොකද්ද.. ඉරොටික් ආර්ට් මූවි එකක් කිව්වම තාමත් ලංකාවෙි ගොඩක් අය හිතන් ඉන්නේ බ්ලූ චිත්‍රපට කියලා. පෝනෝග්‍රැපි සහ ඉරොටික් කියන දෙක අතර තියන වෙනස තාමත් ලංකාවෙි ගොඩක් අය අදුනන්නේ නෑ. මෙි ඛේදවාචකය සාමාන්‍ය ජනතාවට විතරක් නෙමෙයි - ලංකාවෙි විශ්වවිද්‍යාල ශිෂයන්ට - සමහර අවස්ථා වලදි ආචාර්ය වරැන්ට පවා පොදුයි. මෙි බ්ලොග් එක අපි ලියන්නේ සිනමා ශිෂ්‍යයන් විදියට ඉරොටික් ආර්ට් කියන්නේ මොකද්ද කියලා කියන්න. ඉරොටික් ආර්ට් වල තියන කලාත්මක හා මනෝවිද්‍යාත්මක - ඒ විතරක් නෙමෙයි දාර්ශනික පසුබිම ගැන කොටින්ම කිව්වොත් ඒ ආර්ට් වල තියන මනුස්ස කම ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න.

මැක්ස්ලෝ ගේ අවශ්‍යතා පිරමීඩෙි පහලින්ම තියෙන්නේ මිනිසුන්ට අවශ්‍ය වන මූලිකම අවශ්‍යතාවයන්. පහලම ලේයර් එක කම්ප්ලීට් උනේ නැත්තං කෙනෙක්ට ඊට උඩින් තියන ස්ටෙප් එකට යන්න බෑ... සෙක්ස් තියෙන්නෙත් ඒ ලේයර් එකේ.  ඉතිං සෙක්ස් කියන්නේ ඒ තරම් වැදගත් අංගයක් නම් ඇයි අපි ඒ ගැන තේරැම් ගන්නේ නැත්තේ.

මෙි බ්ලොග් එකේ තියෙන්නේ ලෝකේ හැදිච්ච හොදම ඉරොටික් චිත්‍රපට - චිත්‍ර - පිංතූර ගැන විතරක් නෙමෙයි මනුස්ස ලිංගිකත්වය සහ ඒ එක්ක බැදිච්ච මනෝවිද්‍යාව ගැන  විශ්ලේෂනය කරමින් ලියවිච්ච පොත් ගැන.(ඒවා නවකතා  හෝ වෙනත් පොත් වෙන්න පුළුවන්) අපේ අරමුණ අපේ අයව ටිකක් අප්ඩෙිට් කරන්න.

කොටින්ම කිව්වොත් තෝරා බේරාගෙන රස විදින්න පොඩි තල්ලුවක් දෙන්න. ඔයාලගේ අදහස් අපිට කියන්න.





No comments:

Post a Comment