Tuesday, October 6, 2015

එන්න...තිත්ත තොල් සිඹින්න....

කෘතිය - තිත්ත තොල්
කතෘ    - චින්තන ධර්මදාස

තිත්ත තොල්
ගියත් නොගියත් - හිටියත් නොහිටියත්වෙනසක් නෑ..ජීවිතේ කිසි දෙයක් සිද්ද වෙන්නෙ නෑ...බලන් ඉන්න පුළුවන් නැවතිල්ලක් හුස්ම අතරේ මුණගැහුනොත් නවතින්න...නැත්තං ඒත් ජීවිතේ එක්ක ගහගෙන යන්න..

මං හරි ආදරෙයි ඔය ඇස් වලට..


ඉර එළිය මූණට වැටෙන නිසා මට හාමුදුරැවන්ව පෙනුනෙ නෑ...ඒත් හුගක් ලා රස්නයක් එක්ක හරි හෙමින් වැටෙන නාඩි මගේ පිටි අත්ලට දැනුනා..මොහොතකට මාත් ඒ වෙිගෙන් ගැහුණා...

ආදරෙයි හාමුදුරවනේ...

කෝපි එක්ක අයිස් ක්‍රීම්

ගෑණියෙකුගේ ආසාව මෙි විදියට විවෘත නෑ අරවින්ද...මං සුමෙිධ එක්ක ඉන්න ආස නං මං ඒක කොහොමහරි කරගන්නවා. ඒක ඔයාට නොදැනෙන්න කරන එක තමයි මගේ ආසාව වෙන්නේ...ඊට පස්සේ ඔයත් එක්ක ඉන්න හැම වතාවකම මම ඔයා දිහා බලලා දුක් වෙනවා. එතකොටයි මට ආදරේ හිතෙන්නෙ. ගෑණු ආසාව සෙක්ස් වලපින් පටන් ගත්තත් ඉවර වෙන්නෙ ආදරෙන්...

මිනිත්තු එකොලහට පස්සේ‍

ඇත්තටම ගෑණු කම තේරෙන්න ගෑණුකමෙි ඉර එළියත් නොපෙනෙන අන්ධකාර මුල්ලකට වැටෙන් ඕන...‍හේත්තු වෙන්න බිත්තියක් නැතුව අසරණ වෙන්න ඕන...ආචාරධර්මයක් - සදාචාරයක් නැති සිතුවිලි වනන්තරේය අතරමං වෙන්න ඕන...එතකොට ගෑනිය තමයි එකම සාරය කියලා තේරෙනවා. ඒ ගෑණු කම එකම එකක් කියලා තේරෙනවා...ගෑණු කම කියන ලොකු වතුර පාර උඩ කූඹි වගේ දගලන පිරිමි පේනවා... පව්....


1 comment: