Tuesday, October 6, 2015

ස්වර්ගයට සහ නිරයට යන යතුර ඇත්තේ කොහිද...

Book                        - ANATOMIST
Author                     - Federico Andahazi
Sinhala Translation - ව්‍යවඡ්චේදකයා
Translator                - ගාමිණී වියන්ගොඩ

දහ සය වන සියවසේ ඉතාලියේ විසූ වඩාත් සුප්‍රකට ශල්‍ය වෛද්‍ය වරයෙකු වූ මැතියෝ කලම්බො, මිත්‍ය දෘෂ්ඨිය යන චෝදනාව යටතේ දග ‍ට වැටෙයි. ඔහු කල වරද වූයේ, ඔහුට සමාන නමකින් යුත් ක්‍රිස්ටෝපර් කොලම්බස් විසින් ටික කලකට මත්තෙන් ලෝක සිතියමෙි ඇමරිකාව නමින් නව දෙශයක් සොයාගත්තාක් මෙන් ඔහු විසින් ගැහැණියක‍ේගේ සිරැරේ නව මානයක් ‍සොයාගැනීමයි. ඒ ක්ලිටෝරිසය හෙවත් භගමණිය නම් විය.

යුරෝපා පුනරැදය තුල භූගෝලීය සහ කලාත්මක වශයෙන් පමණක් නොව ලිංගික වශයෙන් වන පිබිදීමක්ද හටගත් බව පෙඩ්‍රිකෝ අන්දහාසි  මෙි හරහා අපිට පෙන්වා දෙයි. ගබ්රියල් ගර්ෂියා මාකේස් ව පහසුවෙන් සිහිගන්වන මෙි අපූරැ නවකතාව සාරවත් අඩුවැඩියෙන් අනූනයි. ඉතිහාසය ලිංගිකත්වය හා ආගම සමග සරදම එහි නොමදව මුසුව තිබෙි.

No comments:

Post a Comment